WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානය ඊශ්‍රායලයට තර්ජනය කරයි

2023 October 23- Page Views : 10

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි.

ඔහු පැවසුවේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි.

ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව "සිය ජීවිත" වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන "ජීවිතයත් මරණයත්"අතර සටනක් වී ඇති බවත් ය.

ඊශ්‍රායලය ට ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන්ද තර්ජන එල්ලවී ඇති අතර හමාස් සහ හිස්බුල්ලා පාර්ශ්ව දෙකටම සහාය දක්වන බවට ඉරානයට චෝදනා එල්ලවෙයි.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් අතර ඔක්තෝබර් 06 වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 6,000 ඉක්මවා තිබේ.