ගාසා හි මානුෂීය නීති උල්ලංඝනය කිරීම ගැන ඇන්ටෝනියෝ කනස්සල්ලෙන්
2023 October 25- Page Views : 11
ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
විදෙස් වාර්තා සඳහන් කළේ, සිවිල් වැසියන් "මිනිස් පළිහක්" ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙළීම යන දෙකම තමා හෙළා දකින බව ඔහු පවසා ඇති බවය.
ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය "රික්තයක් තුළ සිදුවූවක් නොවේ" යැයි ගුටරෙස් ප්‍රකාශ කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඔක්තෝබර් මස 7 සිට මේ දක්වා ගැටුම්වලින් දෙපාර්ශවයේම පුද්ගලයින් 7,200 කට අධික පිරිසක් මියගොස් ඇති බවය.