ගාසා තීරයේ මාධ්‍යවේදීන්ට ඊශ්‍රායලය අනතුරු අඟවයි
2023 October 28- Page Views : 10
ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
රොයිටර්ස් සහ ඒ.එෆ්.පී පුවත් සේවාවන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.
අදාළ පුවත් සේවාවන් ඉල්ලා ඇත්තේ තම පුවත් සේවාවන් සහ සෙසු මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රහාරයන් හමාස් හමුදා ඉලක්ක වෙත එල්ල කරන අතර එහිදී අවට ප්‍රදේශවලට ද හානි සිදුවිය හැකි බවය.
එමෙන්ම හමාස් සංවිධානය ද අත්වැරදීමකින් වෙනත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.
පසුගියදා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදීයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණි.
ගාසා තීරයේ ගැටුම්වලින් මේ වන විට මාධ්‍යවේදීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.