WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පලස්තීනයේ සහායට දහස් ගණන් වැසියෝ පාරට බසිති

2023 October 28- Page Views : 10

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දැඩි අසරණභාවයට පත් ව සිටින ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහාය දක්වමින් ජෝර්දානයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්විය.

ඒ ජෝර්දාන වැසියන් සිය ගණනකගේ සහභාගිත්වයෙනි.

විරෝධතාව පැවැත්වුණේ ජෝර්දානයේ අම්මාන් අගනුවර දී ය.

විරෝධතාව ඇරඹීමට පෙර ඔවුන් යාඥාවන්හි නිරත වී තිබුණි.

අම්මාන් අගනුවර පුරා විසිර සිටි පිරිස විරෝධතාවේ නිරත වී තිබුණේ ජෝර්දාන සහ පලස්තීන ධජය අතැතිවය.

ජෝර්දාන ජනතාව සෑම විටෙකම පලස්තීන ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කිරීමට මෙලෙස විරෝධතාවට එක් වූ පිරිස පවසා තිබේ.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ, සියල්ල අවසානයේ ඔවුන් පලස්තීන ජාතිකයින්ගේ ජයග්‍රහණය අපේක්ෂා කරන බවය.