ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට
2023 October 29- Page Views : 10
කසක්ස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කසක්ස්තානයේ ප්‍රධාන පෙළේ වානේ නිෂ්පාදන පතලක එම ගින්න හටගෙන ඇති අතර ගින්න සිදුවන අවස්ථාවේ එහි සේවකයින් 252 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.
අදාළ අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වෙයි.
කසක්ස්තානයේ පතල් කැණීම් කටයුතු ජනසතු කිරීමේ වැඩපිළිවෙළ තහවුරු කළ දිනයේම එම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.