ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක්
2023 October 30- Page Views : 11
අද (30) උදෑසන ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරකින් මගීන් 9 දෙනෙකු මියගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විශාකාපට්නම් සිට පලාසා දක්වා ධාවනය වූ විශේෂ මගී දුම්රියක සංඥා නොලැබීම හේතුවෙන් නවතා තිබූ අවස්ථාවේ දී විශාකාපට්නම් සිට රයගාදා දක්වා ධාවනය වූ මගී දුම්රියක් නවතා තැබූ දුම්රියේ ගැටී අනතුර සිදුව තිබේ.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ, මෙම අනතුර සංඥා නොදැකීම හේතුවෙන් සිදුව ඇති බවය.
මීට මාස කිහිපයකට පෙර දී ද ඔඩීෂා ප්‍රාන්තයේ දුම්රිය තුනක් එකිනෙක ගැටී සිදු වූ බිහිසුණු අනතුරකින් මගීන් 280කට අධික පිරිසක් මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.