WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හමාස් තුවක්කුවට බිළිවූ සුරූපිනිය

2023 October 31- Page Views : 10

ඔක්තෝබර් 07 වනදා හමාස් වෙඩික්කරුවන් ගාසා - ඊශ්‍රායල් දේශසීමාවේ පිහිටි ජනපද සහ සංගීත උත්සවයක් ඉලක්ක කර සිදුකළ ආක්‍රමණයෙන් 1,400ක් පමණ මියගොස් තිබුණි.

ඒ අතර සිටි එක් සුරූපී තරුණියක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

23 හැවිරිදි ශානි ලූක් නෝවා සංගීත උත්සවයට එක්ව සිටියදී හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබුණි.

ඇය ඊශ්‍රායල - ජර්මන් සම්භවයක් සහිත තරුණියකි.

ඇයගේ අඩ නිරුවත් සිරුර කැබ් රථයක දමාගෙන ගාසා තීරයේ ප්‍රදර්ශනය කිරීමට හමාස් සාමාජිකයින් කටයුතු කළේ මිනිස්කමට නිගා කරමින් බව විදෙස් මාධ්‍ය පැවසීය.

බොහෝ අය සිතුවේ ඇය සිහිසුන්ව සිටින බවයි.

නමුත් ඇය මරණයට පත්වී ඇති බවට තහවුරු වුණු බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ ශානි ගේ සිරුරු කොටස් හමුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ඇය මියගොස් ඇති බවට තහවුරු කරගත් බවයි.