WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලතින් රටවලින් ඊශ්‍රායලයට විරෝධයක්

2023 November 01- Page Views : 10

ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි.

මේ අතර, තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන චිලී රාජ්‍යය ද ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.

චීලී ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ‘ජබාලියා’ සරණාගත කඳවුරේ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත් සමාව දිය හැකි කරුණක් නොවන බවය. අරාබි ලෝකයෙන් පිට, වැඩිම පලස්තීන ප්‍රජාවක් ජීවත් වන්නේ චිලී රාජ්‍යයේය.