ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්
2023 November 02- Page Views : 9
ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.
අද (02) උදෑසන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා මහතා කියා සිටියේ, තානාපති කාර්යාලය මඟින් ඒ බව දැනුම් දුන් බවය.
ඒ අනුව අද දින දහවල් 12 පමණ වනවිට එම පිරිසෙන් 15 දෙනෙක් ඊජිප්තුවට ළඟා වීමට නියමිතය.
"ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරන්න ඊජිප්තු තානාපති කාර්යාලය වගේම පලස්තීනයේ පිහිටි නියෝජිත කාර්යාලය අවශ්‍ය කටයුතු කරනවා. ඒ අනුව ඔවුන් සුරක්ෂිතව ඊජිප්තුව කරා ළඟාවීමට නියමිතයි. ඒ හැරුණු විට ඊශ්‍රායලයේ මේ වනවිට විශේෂ තත්ත්වයක් නෑ ශ්‍රී ලාංකිකයින් ගැන."
මේ අතර අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයා හමාස් ග්‍රහණයට පත්ව ඇතැයි තානාපතිවරයා ප්‍රකාශ කළ බව ද පැවසු ගාමිණි සෙනරත් යාපා මහතා, ඔහුව මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ද පැවසීය.