WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන ආර්ථිකය පල්ලම් බසී

2023 November 14- Page Views : 19

චීනයේ ආයෝජනය කර ඇති විදෙස් සමාගම් වෙනදාට වඩා වේගයෙන් සිය මුදල් චීනයෙන් පිටතට යවන බව නිල දත්ත අනුව හෙළිදරව් වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

චීන ආර්ථික වර්ධනය දුර්වලවීම, පොලී අනුපාතික අවම අගයක පැවතීම සහ අමෙරිකාව සමග පවතින භූ දේශපාලන ගැටුම ඊට හේතුවී ඇතැයි සඳහන් ය.

ඒ හේතුවෙන් මෙම සතියේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන හමුව වෙත ලෝක අවධානය යොමුවී තිබේ.

නමුත් බොහෝ ව්‍යාපාර මේ වනවිට විකල්ප වෙළෙඳපොළ වෙත සිය සැලසුම් සකස්කරමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයෙන් නිමාවූ කාර්තුව තුළදී විදෙස් ආයෝජනවල ඩොලර් බිලියන 11.8ක හිඟයක් චීනයෙන් වාර්තා විය.

1988 වසරෙන් පසු එවැනි තත්ත්වයක් එරටින් වාර්තා වී ඇත්තේ පළමු වරට ය.