නයගරා දියඇල්ල ආසන්නයේ පිපිරීමක් - 2ක් මරුට
2023 November 23- Page Views : 10
නයගරා දියඇල්ල අසල අමෙරිකා - කැනඩා දේශසීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීම හේතුවෙන් අමෙරිකා - කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා තිබේ.
කෙසේවෙතත් පිපිරීම සිදුවුයේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.