WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනය තුළ හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක්

2023 November 23- Page Views : 10

ගෙවුණු දින කිහිපය පුරා චීනය තුළ හඳුනානොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී.

එරට බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.

උතුරු චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ළමයින් අතර මෙම රෝගී තත්ත්වය සුලබව වාර්තාවෙමින් පවතින බවය.

උතුරු චීන ළමයින් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය ද වාර්තා කර තිබුණි.

2019 වසරේදී ලොව පළමු නිල කොවිඩ් රෝගියා වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙනි.

කොවිඩ් වෛරසය වූහාන් හි විද්‍යාගාරයක් තුළ සකස් කළ බවටත්, එය වැළඳුණු රෝගීන් පිළිබඳ කලක් වසන් කළ බවටද චීනයට චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවුණි.

කොවිඩ් ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ අතර එහිදී සිදුවූ මරණ ගණන 70 ලක්ෂයට ආසන්නය.