උතුරු කොරියා චන්ද්‍රිකාව ධවල මන්දිරයේ ඡායාරූප අරන්
2023 November 28- Page Views : 10
පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව මෙම ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය නොතකමිනි.
චන්ද්‍රිකාව උතුරු කොරියානු හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.
එසේ වුවත්, චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කර ඇත්තේ රුසියාවේ සහාය ඇතිව යැයි දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර තිබේ.