පුටින් හමුවෙන්න ඉරාන ජනපති ඇවිල්ලා
2023 December 08- Page Views : 10
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් මොස්කව් අගනුවරදී පැවැත්විණි. රුසියාවට ඉරාන ජනාධිපතිවරයාට, රුසියන් රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
ජනාධිතිවරුන් දෙදෙනාගේ හමුවට මාතෘකාව වූයේ ඊශ්‍රායල හමාස් ගැටුමය. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තිරයේ මුස්ලිම් පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපතිවරයා පුටින් හමුවේ සිය කනස්සල්ල පළ කළේය.
ඊශ්‍රායල හමාස් අර්බුදයට රුසියාව ද මැදිහත් වී සිටී. ඒ, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණ ඇතිවය.
රුසියාවේ දී ඉරාන ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, පුටින් මැදපෙරදිග සංචාරයක කරමින් එක්සත් අරාබි එමීර්වරයාත්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුත් හමුවී අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.