ඉතාලියේ දුම්රිය අනතුරක්
2023 December 11- Page Views : 10
ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.