යුක්‍රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය දීමට එකඟතාවය
2023 December 15- Page Views : 10
යුක්‍රේනය සහ මෝල්ඩෝවා රාජ්‍ය සඳහා යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීමට සහ ජෝර්ජියාවට සාමාජික තත්ත්වය ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මිෂේල් ප්‍රකාශ කළේ බ්‍රසල්ස් හිදී පැවැති සමුළුවකදී අදාළ තීරණය සම්බන්ධයෙන් ඒකමතික එකඟතාවකට පැමිණි බවය.
යුක්‍රේනය යුරෝපා සංගමයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් හංගේරියාව මුල සිටම විරුද්ධව කටයුතු කළ ද අවසන් මෙහොතේ ඔවුන් නිෂේධ බලය භාවිත නොකළ බව වාර්තා වෙයි.
යුරෝපා සංගමයේ නව තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම තීරණය යුක්‍රේනයේ සහ සමස්ත යුරෝපයේම ජයග්‍රහණයක් බවය.