WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැහැරගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමුවෙයි

2023 December 15- Page Views : 10

ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් විසින් පැහැරගෙන යනු ලැබූ ප්‍රංශ ජාතික තරුණයෙකුගේ ගේ සිරුර හමුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල - ගාසා දේශසීමාව ආසන්නයේ පසුගිය ඔක්තෝබර් 7 වනදා පැවති "Supernova" සංගීත උත්සවය නැරඹීමට පැමිණ සිටියදී Elia Toledano ව පැහැර ගෙන ගොස් තිබුණි.

ඔහු මියගියේ කෙසේද, කවදාද යන්න පිළිබඳව විස්තර හෙළිකර නොමැත.

Elia Toledano ව පැහැරගත් අවස්ථාවේදී ඔහුගේ මිතුරිය Mia Schem ද හමාස් සංවිධානය විසින් රැගෙන ගොස් තිබූ අතර නමුත් ඇයව දෙසැම්බර් 01 වනදා නිදහස් කර තිබුණි.