අතරමංව සිටි සංචාරකයින් 61ක් බේරාගනී
2023 December 18- Page Views : 10
උතුරු කාෂ්මීරයේ ගුල්මාක් හී හිමකුණාටුවකට මැදිව අතරමංව සිටි සංචාරකයින් 61 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබේ.
එම සංචාරකයින් පිරිස පසුගිය සෙනසුරාදා දිනයේ ගුල්මාක් කලාපයට ගමන් කර තිබු අතර බලපෑ අධික හිමපතන තත්ත්වය හේතුවෙන් ඔවුන් අතරමංව තිබුණි.
ඔවුන් මුදාගැනීම සඳහා ඉන්දීය හමුදා සහ සහන කණ්ඩායම් විසින් විශේෂ මෙහෙයුමක් දියත්කර තිබු අතර සංචාරකයින් 61 දෙනෙකු සොයාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
මුදාගත් පිරිස අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බව සඳහන්ය.
ගුල්මාක් යනු ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර පවතින අධික හිමපතනය හේතුවෙන් එම කලාපයට පිවිසීම ඉතා දුෂ්කර වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.