WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ කොරෝනා ප්‍රභේදය බිහිසුණුයි

2023 December 18- Page Views : 10

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවෙයි.

ඉන්දීය විද්‍යාඥයන් මෙම නව කොරෝනා වයිරසය නම් කර ඇත්තේ ‘ජේ.එන්1’ යනුවෙනි. මෙය කොවිඞ් 19, ‘ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘බී.ඒ.2.86’ ප්‍රභේදයෙන් බිහිවුණු නව වයිරසයකි.

'ජේ.එන්1’ වයිරසය මුලින්ම හඳුනා ගැණුනේ කේරළයෙන් වන නමුත් මේ වනවිට ‘ජේ.එන්1’ ආසාදිතයන් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

දින හතරක් හෝ පහක් පවතින තද උණ, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, හිසරදය ‘ජේ.එන්1’ වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව පැවැසෙයි.