WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉම්රාන් කෘත්‍රිම බුද්ධියෙන් ජනරැලියක් අමතයි

2023 December 19- Page Views : 10

චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය.

ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයයි. ‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන්ය.

ඉම්රාන් ජන රැලිය ඇමැතුවේ, මිනිත්තු 4 ක වීඩියෝවක් හරහාය. එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දකි.

වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර තිබුණු බව ද පැවැසෙයි.