WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අයි.එස් ප්‍රහාර මාලාවක් වළක්වා ගනී

2023 December 19- Page Views : 10

ඉන්දියාවේ බෝම්බ පිපිරීම් මාලාවකට සූදානම් වූ, අයි.එස්. ත්‍රස්ත ජාලයට සම්බන්ධ යැයි සැක කෙරෙන ත්‍රස්ත සාමාජිකයන් අට දෙනකු ප්‍රාන්ත කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.

මුම්බායි සහ නවදිල්ලි ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර 19 ක මෙම මෙහෙයුම් සිදුවිය. සැකකරුවන් සන්තකයේ තිබුණු ආයුධ, ඩිජිටල් උපකරණ සහ පුපුරණ ද්‍රව්‍ය පොලිසියට හමුවිය.