ගාසා තීරයේ ගැටුම්වලින් මියගිය ගණන 20,000 ඉක්මවයි
2023 December 21- Page Views : 10
ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලය හමාස් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කර මාස දෙකයි දින 14ක් වැනි කාලය තුළ මෙම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කටාරයේ මැදිහත් වීමෙන් දෙපාර්ශවය අතර දින කිහිපයක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම කාලය තුළ ඊශ්‍රායල - පලස්තීන ප්‍රාණ ඇපකරුවන්ගෙන් පිරිසක් නිදහස් කෙරුණා.
කෙසේ වෙතත් එය තවදුරටත් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර තිබුණේ නැහැ.