WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජෝර්දානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසකට කරදරයක්

2023 December 27- Page Views : 10

ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ශ්‍රී ලාංකිකයින් 350කට ආසන්න පිරිසකට වැටුප් ලබානොදීම නිසා ආහාර සපයාගත නොහැකිව නේවාසිකාගාරවල අසරණව සිටින බව එම ලාංකිකයෝ පවසති.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙරට තානාපති කාර්යාලය දැනුවත් කළද කිසිදු සොයා බැලිමක් සිදු නොකෙරෙන බැවින් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගොස් තිබුණේ මීට වසර කිහිපයකට පෙරදීය.

ඔවුන් වසර 6ක් මුළුල්ලේ සේවය කළ ඇඟලුම් කම්හල වසාදැමීම නිසා මේ වනවිට දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ එහි කළමනාකරණය තමන්ට වැටුප් නොගෙවීම නිසා 350ට අධික පිරිසක් ආහාර පවා සපයාගත නොහැකිව නේවාසිකාගාරවල අසරණව සිටින බවයි.

ජෝර්දානයේ රැඳීසිටීමට තිබූ වීසා කාලය අවසන් වී ඇති බවත් තම සේවා කාලය අවසන් වුවද කිසිදු මුදලක් නොගෙවූ බවත් මෙම පිරිස පවසයි.

එමෙන්ම ඔවුන් රැඳී සිටින නේවාසිකාගාරවල විදුලිය පවා මේ වනවිට විසන්ධි කර ඇති බව සඳහන්ය.