WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවෙන් තවත් යුද ආධාර

2023 December 28- Page Views : 11

අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 250ක තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

නවතම යුද ආධාර පැකේජය සඳහා ගුවන් ආරක්ෂක පතරොම්, කාලතුවක්කු පතරොම් සහ බෝම්බ ඇතුළත් ව ඇති බව වාර්තා වේ.

යුක්‍රේනය සඳහා තවත් ඩොලර් බිලියන 61ක යුද ආධාර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.