WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

2023 December 28- Page Views : 10

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

සිනමාව තුළ හමුදා චරිත නිරූපණය කිරීම හේතුවෙන් ඔහු 'කැප්ටන්' ලෙස ද හඳුන්වා ඇත.

2005 දී DMDK පක්ෂය පිහිටුවීමෙන් විජයකාන්ත් දේශපාලනයට අවතීර්ණ විය.

ඒ, තමිල්නාඩුවේ සෙසු ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරන විකල්ප දේශපාලන පක්ෂයක් වීමේ අරමුණෙනි.

2006 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ට ප්‍රාන්ත දේශපාලනය තුළ සැලකිය හැකි බලවේගයක් ලෙස ස්ථාපිත වීමට හැකියාව ලැබිණි.

2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී DMDK පක්ෂය AIADMK ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගත වූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකයා බවට ද පත් විය.