WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියා - යුක්‍රේන ගැටුම් යළි තීව්‍ර වෙයි

2023 December 30- Page Views : 10

රුසියානු හමුදා යුක්‍රේනයේ නගර 05කට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

ප්‍රහාරයෙන් තවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

කියෙව්, ඔඩේසා, ඩිනෝපෙට්වොස්ක්, කාර්කිව් සහ ලුවිව් යන නගර වෙත අදාළ මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්ය.

ප්‍රහාරයෙන් යුක්‍රේනයේ මාතෘ රෝහලකට සහ නිවාස රැසකට දැඩි හානි සිදු ව තිබේ.

යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ලද විශාලතම මිසයිල ප්‍රහාරය මෙය වන බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.