ඩෙන්මාර්කයේ රැජින කිරුළ අත්හරී
2024 January 01- Page Views : 10
ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව නව වසර සඳහා ජනතාව අමතමින් පැවසුවා ය.
වසර 52ක් එරට රැජින ලෙස කටයුතු කළ ඇය 2024 ජනවාරි 14 වනදා සිට සිය කිරුළ අත්හරින බව කීවාය.
සිය පුත්‍රයා වන ෆ්‍රෙදරික් කුමරුට එම කිරුළ ලබාදෙන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
83 හැවිරිදි දෙවැනි මාර්ග්‍රේදා රැජින 1972 සිට කිරුළ දරයි.