ජීවිත අහිමි කළ ජපාන භූකම්පනය
2024 January 02- Page Views : 10
ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය සහ පසුකම්පන හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.
නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ.
ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට සුළු සුනාමි තත්ත්වයක් හටගත් අතර මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.
ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී ඇති පුද්ගලයින් සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.
මේ අතර නවතා තිබූ ජපාන අධිවේගී දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.