WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට

2024 January 03- Page Views : 10

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි.

සාලේ අල් අරූර් ඇතුළු හමාස් සාමාජිකයන් 6 දෙනකු එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

හමාස් සංවිධානයට එරෙහිව ගෙන යන සටනේ දී ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයා ලෙස සාලේ අල් අරූර් සැලකෙයි.

මෙම ප්‍රහාරයෙන් පසු, ගාසා තීරයට පමණක් සීමා වුණු ඊශ්‍රායල හමාස් අර්බුදය ලෙබනනයට ව්‍යාප්තවීමේ අවදානමක් පවතී.

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය, ලෙබනනයට එරෙහිව කළ ප්‍රහාරයක් නොව, තම සතුරා හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් පමණක් බවය.