WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ තුවාලකරුවන් ඉහළට

2024 January 04- Page Views : 10

ඉරානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරකින් මේ වනවිට පුද්ගලයින් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඝාතනයට ලක්වූ ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සිව්වන සැමරුම් උත්සවය පැවති සුසාන භූමිය අසලදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී බෝම්බ ප්‍රහාර දෙකක් එල්ලවී ඇති අතර පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ට අමතරව තවත් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝටර් රථයක අටවා තිබු බෝම්බයක් පළමුව පුපුරා හැර ඇති අතර එම පිපිරීමෙන් මිනිත්තු 20කට පමණ පසුව අනෙක් බෝම්බය පුපුරුවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට වසර 04කට පෙර අමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදා ජනරාල් කාසෙම් සොලෙයිමානි ජීවිතක්ෂයට පත්වුණි.