WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උතුරු කොරියානු බැලැස්ටික් මිසයිල රුසියාව භාවිත කරන බවට වාර්තා

2024 January 05- Page Views : 10

උතුරු කොරියාවේ නිෂ්පාදිත බැලැස්ටික් මිසයිල රුසියාව විසින් යුක්‍රේන යුද්ධයේදී භාවිත කර ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කොර්බි සඳහන් කරන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමුකර ආයුධ ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නන්ටද අතිරේක සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුකරන බවය.

රුසියාව, උතුරු කොරියානු ආයුධ භාවිත කරන බවට අමෙරිකාව මීට පෙරද ප්‍රකාශ කර තිබුණි.

කිලෝමීටර් 900ක් පමණ දුරට ප්‍රහාර එල්ල කළ හැකි උතුරු කොරියානු ස්වයංක්‍රීය බැලැස්ටික් මිසයිල රුසියාව භාවිත කරන බවට අමෙරිකානු බුද්ධි අංශ හෙළිකර ඇත්තේ පළමුවරට බවද වාර්තා වෙයි.

කෙසේවුවද රුසියාව අමෙරිකානු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.