WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

2024 January 05- Page Views : 10

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලැබූ බවත්, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ.

වෙඩි තැබීම කළේ 17 හැවිරිදි සිසුවෙකි. ඔහු දකින දකින සැමට වෙඩි තැබූ බව පැවැසෙයි. වෙඩි තැබීමෙන් පසු ඔහු වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය. පුපුරන ද්‍රව්‍ය ඇටවූ කබායක් ද සිසුවා සන්තකයේ තිබී හමුවී ඇත.

තුවාල ලැබූ සය දෙනාගෙන් සිවු දෙනකු පාසලේ සිසු දරුවන්ය. අනෙක් තැනැත්තා පාසලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.