රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය
2024 January 05- Page Views : 10
රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියන් පුරවැසිභාවය ලබා දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ ආඥාවක් නිකුත් කිරීමට ද රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා කළේය.
ජනාධිපති පුටින් නිකුත් කළ එම ආඥාවට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් විශේෂ හමුදා ක්‍රියාමාර්ගයට සම්බන්ධ වීමට කොන්ත්‍රාත් අත්සන් කළ විදේශිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම අවස්ථාව උදා වෙයි.