WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්

2024 January 07- Page Views : 10

රුසියාව විසින් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, එම මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 05 දෙනෙකු ද සිටින බවයි.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය.

අදාළ ප්‍රහාරයෙන් පසු ව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි ප්‍රහාරවල ප්‍රතිවිපාක රුසියාවට අත්විඳීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍යය අවධාරණය කර ඇත.