බංග්ලාදේශ මැතිවරණය ගැන අමෙරිකාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
2024 January 09- Page Views : 10
අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සහ අනෙකුත් නිරීක්ෂකයන්ගේ අදහස් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවය.
මැතිවරණය තුළදී සහ ඊට පෙර බංග්ලාදේශය තුළ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බව ද ඒ සම්බන්ධයෙන් එරට රජය වගකිව යුතු බව ද අමෙරිකාවේ අදහසයි.
කෙසේවුවද නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන සාමූහික දැක්ම ඉදිරියට ගෙන යාමට බංග්ලාදේශය සමග තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා සඳහන් කර තිබේ.