ජීවිත 25ක් අහිමි කළ බිහිසුණු අනතුර
2024 January 09- Page Views : 10
බ්‍රසීලයේ සංචාරක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ‍්‍රසීලයේ ඊසානදිග බහියා ප‍්‍රාන්තයේ වෙරළබඩ සංචාරයක නිරත වූ සංචාරකයින් රැගත් කුඩා බස් රථයක් මෙම අනතුරට ලක්ව ඇත.
අනතුරින් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.