WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නාසා හඳට යැවූ යානයට ඇබැද්දියක්

2024 January 09- Page Views : 10

ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය.

නාසා ආයතනය ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ, ලෑන්ඩර් වර්ගයේ එම රොබෝ ගවේෂණ යානය, ඊයේ (8) ‘යුනයිටඞ් ලොන්ච් අලයන්ස්’ නමැති නව රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවීය.

රොකට්ටුවේ ආධාරයෙන්, ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, සාර්ථක පෘථිවි කක්ෂයට ගොස් රොකට්ටුවෙන් වෙන්වී සඳ බලා යෑමට සැරසුණත්, එහි සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

සූර්ය පැනල ක්‍රියාකාරී නොවීම හේතුවෙන් යානයට බලය සැපැයීමක් සිදුනොවිණි. ඒ අනුව, ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථක බව නාසා ආයතනය නිවේදනය කළේය.

නාසා ආයතනය සමඟ එක් වී ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, නිපදවා තිබුණේ ‘ඇස්ට්‍රෝබෝටික්ස්’ නමැති තාක්ෂණ සමාගම සමඟ එක් වෙමිනි.