අවිගත් පිරිසක් රූපවාහිනී නාළිකාවට කඩා වදිති
2024 January 10- Page Views : 10
ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ එම වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදුණාහ.
සන්නද්ධ පිරිස, වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන්ට සහ ඊට සහභාගී වී සිටි පිරිස තුවක්කු දිගුකර බිය ගන්වා ප්‍රාණඇපයට ගනිමින්, ඔවුන් මරනවා යැයි තර්ජනය කරන අයුරු සජීවීව නාළිකවෙ ඔස්සේ විකාශය කෙරුණි.
ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, රූපවාහිනී නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගත්තේය. ඔවුන් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.