WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක්

2024 January 10- Page Views : 10

ගාසා තීරයේ යුද ගැටුම් අතරතුර මිය ගිය පලස්තීන මාධ්‍යවේදීන්ගේ මරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඊශ්‍රායලයට එරෙහි ව යුද අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ගාසා තීරය වෙත ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හේතුවෙන් මේ වන විට මාධ්‍යවේදීන් 106 දෙනෙකු ඝාතනය වී ඇති බව වාර්තා වේ.

ගැටුම් අතරතුර මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වීම ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ද සිය කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.