WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පලස්තීනුවන්ගේ මරණ ගණන 23,000 ඉක්මවයි

2024 January 11- Page Views : 10

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනි දින සිට මේ දක්වා කාලය තුළ සිදු කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 23,357 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

එමෙන්ම ප්‍රහාරවලින් පුද්ගලයන් 59,410 දෙනෙකු තුවාල ලබා ඇත.

මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 147 දෙනෙකු මිය ගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.