WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හූති කැරලිකරුවන්ට ප්‍රහාරයක්

2024 January 12- Page Views : 10

යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ.

යේමනයේ සානා අගනුවර ඇතුළු නගර කිහිපයක ඉලක්ක වෙත එලෙස ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා ගුවන්යානා, නෞකා සහ සබ්මැරීන් යොදාගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ලකර ඇති බව අමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේය.

එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මෙම ඒකාබද්ධ ප්‍රහාරය එල්ලකර තිබේ.