පාකිස්තානයට IMF ණය වාරිකය සඳහා අනුමැතිය
2024 January 12- Page Views : 10
පාකිස්තානය සඳහා නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමි ව තිබේ.
ඒ සඳහා වන මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ඊයේ (11) දිනයේ හිමි ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීම, පාකිස්තානයට සෞදි අරාබිය ඇතුළු රටවලින් මූල්‍ය සහාය ලබගැනීම සඳහා ඉතා වැදගත් වන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.
පාකිස්තාන මහ මැතිවරණය ද ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත ව තිබීම විශේෂත්වයකි.