WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා අර්බුදය ගැන චීනයෙන් තීරණයක්

2024 January 15- Page Views : 10

ගාසා අර්බුදය සම්බන්ධයෙන් මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

ගාසා තීරයේ යුද්ධය අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වඩා අධිකාරී බලයක් සහිත ඵලදායී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කැඳවන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

සම්මන්ත්‍රණය මඟින් රාජ්‍ය දෙකක විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථාරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.