WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගූගල් සමාගමෙන් දැඩි තීරණයක්

2024 January 17- Page Views : 10

කාර්යක්ෂමතාව සහ නිර්මාණශීලිත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම හේතුවෙන් ගූගල් සමාගම සිය ගෝලීය දැන්වීම් කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් ඉවත් කරන බවට ප්‍රකාශ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, රැකියා කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගූගල් වේදිකාවේ ප්‍රචාරණය සඳහා වඩා වැඩි සහායක් ලබා දීමට අදහස් කරන බවය.

ගූගල් සමාගම විසින් සිය වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු බොහෝ අංශවලට මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති සඳහන්ය.

එක්සත් ජනපදයේ මාර්ග ගත ව්‍යාපාර කටයුත්වලින් සියයට 80ක් පමණ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන බව පර්යේෂණයක් උපුටා දක්වමින් ගූගල් සමාගම පවසයි.