ඉරානය තවත් රටකට ප්‍රහාරයක් එල්ල කරයි
2024 January 17- Page Views : 10
ඉරානය දින දෙකක් තුළදී තවත් රටකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එසේ මිසයිල ප්‍රහාරය එල්ලකර ඇත්තේ පාකිස්තාන - ඉරාන දේශසීමාව අසල පිහිටි ගම්මානයක ටය.
ඉන් දරුවන් දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙක් මියගොස් තිබුණි.
ඉරානය පවසන්නේ එම ගම්මානයේ පිහිටි ත්‍රස්ත කඳවුරු ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය විරෝධය එල්ලකළ පාකිස්තානය ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය.
මීට දිනක ට පෙර ඉරානය විසින් සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කළේය.