WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් 12ක් මරුට

2024 January 19- Page Views : 10

බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන චාරිකාවක නිරතවු පාසල් ළමුන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

ළමුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු අනතුරින් මියගොස් ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 31 දෙනෙකු පමණ ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.