ගාසා මළ ගමක් වෙයි - පැය 24ට මරණ 178ක්
2024 January 22- Page Views : 10
ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගතවූ පැය 24 තුළ පමණක් මරණ 178ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එය මෙතෙක් පැවති යුද්ධයේ දරුණුතම දිනයක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායලය සිය ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ, පසුගිය ඔක්තෝම්බර් 07වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300ක් ඝාතනය කර 240කට වැඩිපිරිසක් ප්‍රාණ ඇපයට ගත් ප්‍රහාරයෙන් අනතුරුවය.
කෙසේවෙතත් සටන් දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු යළිත් වරක් පලස්තීන රාජ්‍යයක් බිහිකිරීම ප්‍රතික්ෂේප කර තිබේ.