WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුංචි ප්‍රාණඇපකරු උපන් දිනය සමරයි

2024 January 22- Page Views : 10

ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි.

ක්ෆ්ර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය.

හමාස් සටන්කාමීන් මොවුන් ද පැහැරගත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.

ඊශ්‍රායලයේ සිටින ක්ෆ්ර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි ක්ෆ්ර් බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ.