WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජීවිත 90ක් බිලිගත් අමෙරිකාවේ හිම කුණාටුව

2024 January 22- Page Views : 10

ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් වැඩිම මරණ ගණනක් ටෙනිසි සහ ඔරිගොන් ප්‍රාන්තවලින් වාර්තා වූ අතර ඉලිනොයිස්, පෙන්සල්වේනියා, මිසිසිපි, වොෂින්ටන්, කෙන්ටාකි, නිව්යෝර්ක්, ඇතුළු තවත් ප්‍රාන්තවලින් ද මරණ වාර්තා වී තිබිණි.

අධික හිමපතනය හේතුවෙන් රටපුරා කලාප රැසක විදුලිය බිඳවැටී අතර, පවතින දැඩි ශීතල හමුවේ පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව සිටී.

පවතින අධික හිමපතනය සහ ශීත සුළං තත්ත්වය මේ සතිය තුළත් පවතිනු ඇති බව අපේක්ෂිතය.