චීනයේ ප්‍රබල භූ කම්පනයක්
2024 January 23- Page Views : 10
බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයත් සමඟ නිවාස 02ක් කඩා වැටී ඇති අතර එරට දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.
විදුලි රැහැන් පද්ධති කඩා වැටීම් හේතුවෙන් කලාපයේ විදුලි සැපයුම ද ඇනහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.